Friday, August 22, 2014

නුඹ එක්ක ..


නුඹ එක්ක එදා මං
උන්නු හැටි සිහිවෙලා...
ඇස් දෙකට ඉනු කඳුළු
තාම නෑ වියළිලා....

නුඹේ වෙන්න පැතු හීන
මං එක්ක තනිවෙලා...
නමුත් ඔබ එදා මෙන්
ඉන්නවා හිනැහිලා.....

Friday, November 15, 2013

නොදැන හැඳිනුව
අඳ බිහිරි කවි හිතට
පුරුදු තනිකම
හොඳලු පද බඳින කවියකට...

රිදෙව්වට කමක් නෑ
අදින් පසු මගෙ හිතට
රිදෙන්නට හිතක් නෑ
තවත් නම් මගෙ ලොවට.....

පායන්න සුපුන් සඳ
ගුවන්ගැබ පුරාවට
දිදුලන්න තරු පොකුරු
නුඹට හුරු ලතාවට....OGS

Tuesday, September 17, 2013

ලස්සන දකින්න ඇස්
දෙකක් ඕනේ වගේම

ජිවිතය දකින්න
හොඳ හදවතක් ඕනේ..

Wednesday, September 4, 2013

දෑස වසන්නට හිත දෙන්නෑ මට
ඔබව දකින්නට පතන නිසා..
රිදෙන තරම් හිත දරන්න බෑ මට
ඔබ හිමි දැන් මට නොවන නිසා....
පෙරලෙසින්ම දැන් පතන්න බෑ මට
හිඳින්න මා ගාවින්ම කියා..
සමුගන්නම් මා කියන්න ඈ හට
මා ඔබ හට ආදරෙයි කියා..
සිහින කවුළු හැර බලන්න බෑ මට
දුක හිමි මට විතරක්ම නිසා..
මතක කදුලු නෑ හෙලන්නමා හට
තනියට ඔබ ගාවින්ම කියා..

Monday, September 2, 2013

හීන...

හීන දැකපු හිත පුරවපු
සුසුම්පොද....
නේක පැතුම් පුරවන් හද
අඬපු හඬ....
උනුවෙන් කඳුළු දෑසින්
පිටනොවුනු එක...
මතකයි අතීතයෙ දවසක්
මට තිබුණ....OGS